පුරුද්දට විරුද්ධ වෙන්න.

කවුරුත් කතා කරන්නේ හොද පුරුදු ඇති කරගන්න කියලයි.පුරුදු තියෙනවා හොද ඒවා වගේම නරක ඒවාත්. ඔබ තුළ තියෙන ‍හොද පුරුදු ටික මොනවද කියලා ඔබ කල්පනා කරලා හිතලා බලලා හදුනාගන්න.

ඔබ තුළ තියෙන නරක පුරුදු ටිකත් ඔබ හොදට හොයලා බලලා වෙන් කර ගන්න.අපි දැන් මේ කරන්න යන්නේ ඔබේ නරක පුරුදු ටික සම්පූර්ණයෙන්ම මොළයෙන් මකලා දාන්න….හැබැයි දුෂ්කර අපහසු කර්කශ වැඩක්.

පළමුවෙන් ඔබ බලන්න ඔබ තුළ ඇති නරක පුරුදු මොනවද? ඒවා ඔබ ඉපදුනාට පස්සෙ පරිසරයෙන් ලබාගත්ත පුරුදුද….?නැත්නම් සංසාරෙන් ඔබට ලැබුණ නරක පුරුදුද කියලා.

අපි ඉපදුනාට පස්සෙ පවුලෙන්, පරිසරයෙන්, පාසලෙන්, පල්ලියෙන් ලැබෙන පුරුදු තියෙනවා.ඔබ දන්නවා.ඒවාට අමතරව ලේ වලින්, ජාන වලින් අපි උපතත් සමග ආරයෙන් ගෙනා පුරුදුත් තියෙනවා ඔබ දන්නවා.තාත්තා ගායකයා නම්, වාදකයා නම් දරුවටත් පුළුවන් ගායනය වාදනය.ඒ ආරයෙන් සංආරයෙන් ලැබුණු හොද පුරුදු.ඒ වගේම තාත්තා හොරෙක් නම්, අරක්කු කාරයෙක් නම් දරුවන්ටත් ලැබෙනවා ඒ පුරුදු.ඒවා නරක පුරුදුනේ.නමුත් ඔබට ලෙයින් ලැබුණ පුරුදු ඒ.

වාසිය මෙයයි.ආරයෙන් ලැබුනත්, පරිසරයෙන් ලැබුණත් මේ හැම පුරුද්දක්ම වෙනස් කළ හැකියි.

ඒකනේ සමහරු කියනවා “ ඒ මනුස්සය හදන්න බෑ….එයා හදන්න නම් ලේ මාරු කරන්න ඕනැ” කියලා.

“ උගේ ගතිය ඌ නාරියි මැරුවත් ” කියලා ඔන්න එහෙම අයට.ඒ සංසාර නරක පුරුදු ගැනයි කතා කරන්නේ.

ඔබ තාම සිගරට් බොනවද…? ඔබ හිතනවාද ඔබට සිගරට් ගැලපෙනවා කියලා… නෑ…ඔබට ගැලපෙන්නෙ නෑ සිගරට්.සිගරට් දුම් බොන්නෙ ප්‍රශ්ණ තියෙන උදවියගේ පපුවෙ තියෙන ගින්නෙන් මතුවෙන දුම අනිත් අයටත් තමන්ටත් පෙන්නන්න කියලා විතරයි මනෝ ධර්ම විද්‍යාවෙ පෙන්නල දෙන්නේ.

සිගරට් නිසා මල් පෙති වගේ තියෙන අපේ පෙනහලු දෙක කලු වෙලා තාර බැදිලා ඇගේ ශක්තිය හීන වෙලා ජීවන කාලය අඩු වෙනවා.සිගරට් වල එකම ඵලය එයයි.

සිගරට් එකක් පත්තු කර‍ගෙන කටේ ගහගෙන යාම දැන් අමුඩෙ ගහගෙන පාරෙ යාමක් හා සමානයි.

ඔබ අරක්කු වලට ඇබ්බැහි වුණ ගද කෙනෙක්ද? ඔබට පුළුවන් සුන්දර සුවද ස්වර්ණමය මනුස්සයෙක් වෙන්න දින හතකින්….ඔය ගද පුරුදු නවත්වන එකත් වැඩක්ද?

අරක්කු බීමෙන් විනාශයි ඔබේත්, පවුලේත්, දරුවන් ඇතුලු අනාගත පරම්පරා සංසාරයම.

රාත්‍රිය කොතරම් ලස්සනද අපි හොද සිහියෙන් ඉන්න කොට….මේ ලෝකෙ ලස්සන සිතන එක, කල්පනා කරන එක කොයිතරම් සුමිහිරිද….මේ ඔක්කොම අහිමි වෙන්නෙ අරක්කු වලට ඇබ්බැහි වුණාම.

අරක්කු බොන කෙනෙක් නම් ඔබ අද මේ මොහොතේ ඉදලා මේ පුරුද්දට විරුද්ධ වෙන්න.නවත්වන්න.හැබැයි නැවැත්තුවා කියලා කාටවත් කියන්න එපා.බලාගෙනයි….ප්‍රවේසම් වෙන්න මහත්මාවරුණි…..සිගරට් අරක්කු විතරක් නෙවෙයි.මනුස්සයන් ලග තව දාහක් වැරදි පුරුදු තියෙනවා.ඒවායින් ඉවත් වෙන්න නම් ඒවා හදුනාගෙන වෙන් කරලා ලියලා දැඩි තීරණ ගන්න ඕනැ….මතක තියාගන්න….මොළය ඔබට ඉඩ දෙන් නෑ… නවත්තන්න. කොහොම හරි මොළය හදන්නේ පුරුදු දේ කරවගන්න. ඒ නිසා ඔබ තදින්ම ඉන්න.

“ කන්න දෙන් නැතිව නිරාහාරව ඉන්නවා” කියලා ඔබ කණ්නාඩිය ඉදිරියට ගිහින් කියන්න.මොලේ හොල්මන් වෙලා බය වෙලා පුරුද්ධ නවත්වන්න එකග වෙනවා ෂුවර්.පුරුදු නවත්වන්න අපහසුයි.ටිකක් මහන්සියෙන් තදින් හිටියොත් ඔබට සුන්දර සරුසාර උත්තමයෙක් උත්තමාවියක් විය හැකියි සහතිකයි.නිරහංකාර දඩුවම තමා ඕනෑම නරක පුරුදුදක් ජය ගන්න හොදම මග.

හරිම සරලයි ජීවිතය.හරිම සුන්දරයි ජීවිතය.වැරදි පුරුදු නවත්වලා මාස තුනක් ඉදලා බලන්න ඔබේ ජීවිතයට මල් පිපෙන ලස්සන.ඵල දරන ලස්සන…..!

ඔබට සුභ ගමන් සහතිකයි…..

One Response

  1. ඒක ඇත්ත එක දවසකට බැරි නම් අවුරුද්දකට එක පාරක් හරි තමන්ගේ වැරදි පුරුද්දක් නවත්තලා හොඳ පුරුද්දක් ඇතිකරගන්න පුලුවන් නම් කොච්චර එකක්ද :)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.