අද මං මේ ලිපිය ලියන්නේ ලොකු දුකකින් සහ කලකිරීමකින්. කාලෙකට පස්සෙ අද අපේ පාසල නිරීක්ෂණය කරන්න කලාපෙන් ගුරුවරු ආවා. පරිගණකයක් අතින්වත් අල්ලලා තිබුණෙ නැති අපිට පරිගණකයක් කියන්නෙ මොකද්ද කියන එක කියලා දුන්න අපේ සර්ට ඒ අය කියලා අලුතින් ආව පරිගණක මිස්ට ලැබ් එක බාර දෙන්න කියලා. ඉතිං ඒක අසාධාරණ නැද්ද? අපේ සර් මේ පාසලට ආපු පළවෙනි දවසෙ ඉදලම කලේ ළමයි වෙනුවෙන්ම වැඩ කරපු එක. ළමයි වෙනුවෙන් සර් මුදල් පවා වියදම් කළා. අපට පරිගණක ඉගැන්නුවා, blog කරන්න කියලා දුන්නා, Site එකක් කරගෙන යන හැටි කියලා දුන්නා. ඔය වාගෙ බොහෝ දේවල් අපි වෙනුවෙන් සර් කරා. ඇත්තටම මේක දරා ගන්න බැරි දුකක්. කිසිම ළමයෙක් කැමති නෑ අලුත් මිස්ට ලැබ් එක බාරදෙනවට. එහෙම උනොත් අපේ සර් ආයෙත් ලැබ් එකට එනකම් අපි වැඩ කරන්නෙ නෑ. අපේ සර් එක්ක අපි ගොඩක් වැඩ කළා. මං දන්න එක දෙයක් තමයි කවමදාවත් අපිත් එක්ක සර් කරපු කිසිම වැඩක් අලුත් මිස්ට කරන්න බෑ. හොදයි මිස්ට පුළුවන් වෙයිද විදුලිබලාගාරයක් හදන්න. මං දන්නවා කවමදාවත් මිස්ට බෑ ඒ දේ කරන්න. ඔය වගේම තමයි ඉතිං අනිත් දේවලුත්. මෙච්චර කාලයක් සර් තමයි හැම දේම කළේ. අලුත් මිස් ආවොත් වෙන්නෙ එකම එක දෙයයි මෙච්චර කල් සර් ලස්සනට කරගෙන ආපු සියලුම වැඩ ටික චිනාස වෙලා යනවා. අරුණ සර් කියන්නෙ කාටවත්ම නැති විදියෙ ලොකු දැණුමක් තියෙන කෙනෙක්. මං හිතන විදියට නම් අපේ ඉස්කෝලෙ කිසිම ගුරුවරයෙක් නෑ සර්ගෙ දැනුමට පළමු වෙන්න. එච්චරටම අපේ සර් දක්ෂයි කියන එක මම බය නැතුවම කියනවා.

ලගදී අපි ජාපානෙත් ඒක්ක කරපු video conference ඒකක්. සර් නැතුව කව්ද මෙව්ව කරන්න ඉන්නෙ??
අපිත් එක්ක වැඩ කරද්දි සර්ට අනිත් අය අකුල් හෙලපු අවස්තා අනන්ත අප්රයමාණයි. ඒ ගොල්ලො දන්නෙ එච්චරයි. ඒත් අපේ සර් ඒවට සැලුනෙ නෑ. ඒ දේවල් වලින් වුනේ සර් සහ අපි තව තවත් ධෛර්යමත් උණ එකයි. එච්චර ප්රවශ්ණ තිබෙද්දිත් සර් ආපු ගමන අතර මැද නැවැත්තුවෙනම් නෑ කවදාවත්ම. සමහර විට මේ අකුල් හෙලන අය කැමති නැතුව ඇති අපේ ලැබ් එක ප්රකසිද්ධ එකක් වෙනවට. ඒ ඉතිං ඒ අයගෙ මෝඩ කම තමයි. සර් නිසා අපිට ලැබුණු දැනුම අනන්ත අප්රමමාණයි. අපිට මෙච්චර දුකයි නම් සර්ට කොච්චර දුක ඇත්ද මේ අසාධාරනේට.
ළමයි මිස්ට කැමති නැති ප්රනධානම හේතුව තමයි මිස් දන්නෙ නෑ ළමයින්ගෙන් වැඩක් ගන්න හැටි. අපි ලැබ් එකට එනවට මිස් කැමති නෑ. මිස් අපිට එන්න දෙන්නෙ නෑ ලැබ් එකට. අපේ සර් නම් කවදාවත්ම අපිට එහෙම කළේ නෑ. හැම තත්පරේකම කළේ අපිට වැදගත් යමක් කියලා දීපු එක. අනේ අපි කොහොමද අපේ සර් නැති ලැබ් එකක් දිහා බලන්නෙවත්? දුකයි ගොඩක්. මේකෙන් වෙන එක දෙයක් තමයි ලස්සනට වැඩ ටික කරගෙන ආපු ළමයි ටික ආයෙත් දුර්වල වෙන එක.
අපේ සර් ලැබ් එක වෙනුවෙන් මොන තරම් නිදි මරන්න ඇත්ද?සර්ට දිවා රෑ කියලා වෙනසක් තිබ්බෙ නෑ. කවමදාවත් වෙලාවට කෑවෙ නෑ. කව්රු හරි දුන්නොත කනවා. මේ ලිපිය කියවන ඔයාලට දැනෙනවා ඇති අපේ සර් ලැබ් එක වෙනුවෙන් මොන තරම් කැප වුනාද කියලා. ඉතිං කොහොමද මේ ලැබ් එක අලුතෙන් ආපු මිස්ට බාර දෙන්නෙ.
Filed under: අධ්‍යාපනික, මං කරන විවේචන, මගේ අදහස් Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali











දැන් මේ ගැන අරුණ සර් මොකද කියන්නෙ?
මේ කියන අළුත් මිස්ට අරුණ සර් කල දේවල් කරන්න බැරි වුනත්, එයාගෙ පැත්තෙන් අළුත් යමක් දූ ලගෙ දැනුමට එකතු කරන්න එයාට හැකියාවක් නොතිබෙයිද?
මට නම් හිතෙන්නෙ, අරුණ සර්ට පුළුවන් වේවි මේ මිස්ගෙ දැනුමත් ප්‍රයෝජනයට අරගෙන මේ කරන දේවල් තවත් හොඳින් කරන්න. ඒක ඒ මිස්ගෙ ආකල්ප මත බොහෝ දුරට රැඳී තිබුණත් මම හිතන්නෙ දූල කරන්න ඕනෙ අරුණ සර්රුත් එක්ක එකතු වෙලා ඒ මිස්ට මෙතෙක් කෙරුන කරන දේ ගැන පහදල දෙන එකයි කියලයි.
එක කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්න එක හයියක් කර ගන්න පුළුවන් නම් හෙට දවස දිහා මීට වඩා බලාපොරොත්තුවෙන් බලන්න පුළුවන් වේවි සේද?
-රන්සිරිමල්
මේක මගේ යාළුවෙක්ගේ බ්ලොග් එකේ තිබ්බ කමෙන්ට් එකක්.
/*Sanjeewani Jayasekera June 17, 2011 at 3:35 pm
දෝණියේ සර් ට ඔයාල කොච්චර ආදරේද කියලා මම දන්නවා. මට හිතා ගන්නත් පුළුවන් මේ වෙලාවෙ ඔයාලට තියෙන වේදනාවත්. ඒ වගේම වේදනාවක් අපිත් අද විදිනවා. අපේ ඉස්කෝලෙට තියෙන්නෙ පරිගණක 5ක් විතරක් තියෙන පුංචිම පුංචි ලැබ් එකක් විතරයි. නමුත් අපි තරුණ ගුරුවරු ගුරුවරියෝ හැමෝම තමගෙ තැන වගේ එතනින් වැඩ කර ගත්තා. පාඩම් කලා. ප්‍රශ්න පත්තර හැදුවා. අපට අන්තර්ජාලය නැති උනත් අපි ගොඩක් වැඩ කලා. නමුත් මීට සති 2 කට කලින් ආපු අලුත් ගුරුවරියක් නිසා දැන් අපට ලැබ් එක තහනම් කලාපයක් වෙලා.
ඔන්න දුවේ බලන්න ඔයාලගෙ සර් ව කොහාට දැම්මත් සර් එතන ගිහිනුත් වැඩ කරයි වෙනද වගේම. තවත් තැනක් ගොඩ දායි. ඔයාලගෙ ලැබ් එක, ඔයාලගෙ ඉස්කෝලෙ, ඔයාලගෙ ගම ට සේවය කලා වගේම තවත් තැනකට අමතක නොවෙන සේවයක්, අනික් අයට ඉරිසියා හිතෙන දෙයක් කරයි අනිවාර්යෙන් ම. ඒ හැම තැනකදිම සර් එක්ක ඉන්න. මොකද ඉහළින් එන නියෝග වලට අකීකරු වෙන්න නම් අසරණ ගුරුවරු විදියට අපිට හරි අමාරුයි. ඔයාලගෙ සර් ඔයාලට ආදරේ වගේම හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක්. ඒක නිසා සර් ගෙ හිත රිද්දන්න එපා. ඒක තමා සර් ට දෙන්න පුලුවන් ලොකුම උපහාරය. ඔයාලා සතුටින් ඉන්නව කියලා සර් ට දැනෙන එක තමා සර් ගෙ ලොකුම සතුට.*/
මෙව්ව තමයි ඇත්ත අවස්ථා අපිට වෙන්නෙත් ඒ ටිකම තමා