මා යා යුතු කාලයයි…….

පමා නො වී මා යා යුතු කාලයයි
කිසිවක් ම මම ගෙන නො යමි
හෙමෙන් හමා එන මඳ පවන දමා යමි
ගී කියන විහඟුනගෙ උදා ගී දමා යමි…..

සඳ එළිය ගස් වැල් ද දමා යමි
නිල් පෑ තණ ගොල්ලේ මල්
ඈත මුහුදේ කෙඳිරිලි මිමිනුම්
දිය පහරවල මුදු ස්වර නද,……

කාලගුණයෙන් තැලුම් කෑ
මා ආදර මවුන් දෙකොපුල්, ළප කැලැල් මෙන්
දුර්ග මාර්ගවල සුළං ද වර්ෂාව ද
කැටයම් කළ කර්කශ කඳු මුදුන් ද,……

හිරු පහන් වූ විට
ඔබ උරපතු වටා රොක් වුණ
කම්මැළිකාර සුවඳ
ගංගාවේ කාන්තිය ද,……

මම ඔබත් සමඟ ම දමා යමි
උපන් දා පටන් මට ය මාගේ ය කියා වූ හැමදේම
ඔබත් සමඟින් දමා යමි
මස් ඇට මිදුලුත් වගේ ම……

සුළං හමන ඒ මාවත ද, පොළොවේ සුවඳ ද,
ළඟ දී කැපූ අලුත් වියළි නහරවල නැවුම් සුවඳ ද,
මම ඔබත් සමඟ ම දමා යමි
සීතල කරන වැස්ස, දැවෙන තුරු…….

උඩ අහස… මේ හැම වෙනුවට
මම මගේ ගමනේදී රැගෙන යමි
ශ්‍රේෂ්ඨ නිධානයක්
ඒ ඔබේ ආදරය…….


One Response

  1. තව ලියන්න මේ වගේ කව්. සුන්දරයි .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.