ගූගල්වලින් ෆේස්බුක්වලට අභියෝගයක්.

අන්තර්ජාලයේ දැවැන්තම පිරික්සුම් වෙබ් අඩවිය පවත්වාගෙන යන ගූගල් සමාගම විසින් නව සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ. ගුගල් ප්ලස් ලෙස හදුන්වාදී ඇති මෙම නව සමාජ ජාල වෙබ් අඩවිය නවීනාංග රාශියකින් සමන්විත බව පැවසේ. ෆෙස් බුක් සමාජ ජාල අඩවියේ ඇති අංගවලට අමතරව වීඩියෝ චැට් වැනි පහසුකම් රාශියක් ඇතුළත් කර ඇති බැවින් මෙය ෆේස් බුක් අඩවියට අභියෝගයක් [...]

දැවැන්ත ග්‍රාහකයක් සඳටත් වඩා ළඟින්.

මහත් විනාශයක් සිදුකළ හැකි දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් එළඹෙන නොවැම්බරයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් ගන්නා බව නාසා ආයතනය පවසයි. 2005 YU55 නැමැති මෙම ග්‍රාහකය පොළවේ ගැටුන හොත් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට සමත් බවද එම වාර්තා වැඩිදුරටත් හෙළිකරයි. එය සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමටද සමත් වනු ඇති බවද විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි. ටොන් මිලියන [...]

ලෝකය ගෝලයක් නොව අලයක්ලු.

17වැනි සියවසට පෙර ලෝකය ගෝලාකාර බව පැවසූවන් සිනහවට ලක්විය. අද ඔබ ලෝකය ගෝලාකාර නොවේ යැයි පැවසුව හොත් සිනහවට ලක්වීමට ඉඩ තිබේ. ‍එහෙත් හෙට දිනයේ ඔබ ලෝකය ගෝලාකාරයැයි පැවසුව හොත් ලෝකයා ඉදිරියේ අනිවාර්යයෙන්ම සිනහවට ලක්වීමට ඉඩ තිබේ. මන්දයත් ලෝකය ගෝලාකාර නොවන බව පසුගියදා විද්‍යාඥයින් විසින් තහවුරු කොට ඇති බැවිනි. ඔවුන් පවසන පරිදි ලෝකය යෝධ අර්තාපල් අලයක [...]

වදුරෙක් ගිය උඩක්.

ඉරානය විසින් වඳුරෙකු අභ්‍යවකාශයට යැවීමට සැරසෙන බව වාර්තා වේ. පසුගිය වසරේදී මීයෙකු, ඉබ්බෙකු සහ පනුවන් අභ්‍යවකාශයට යැවීමෙන් කරනු ලැබූ පර්යේෂණ සාර්ථකවීමත් සමඟ ඉදිරියේදී මෙලෙස වඳුරෙකු අභ්‍යවකාශයට යැවීමට අදහස් කළ බව ඉරාන අභ්‍යවකාශ සංවිධානය පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා ඉරානයේ ප්‍රධාන පෙළේ අභ්‍යවකාශ නිලධාරියෙකු විසින් මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර තිබිණි. මෙම පර්යේෂණ සාර්ථක වුවහොත් ඉරානය පළමුවරට [...]

විදුසර…….

ඉහළ ඉන්න අප පහළට ඇද ගන්නේ ගුරුත්වයයි එය තරණය කළ මිනිසා පදිංචියට තරුත් සොයයි නසා දමන්නේ එනමුත් මිනිස්කමේ ගරුත්වයයි දේවදත්තලා බුදුන්ට සෙත් පතමින් පිරිත් කියයි……… දුර දක්නා නුවණක් නැති අලුත් ගැලිලියෝ ගැලිලි සොයා ගෙනය සිදුරු කරන්නට ඕසෝනයේ පැළලි නවතනු බැරි තරම්ය විය විකිරණ ගංවතුර ගැලිලි විසි එක්වන සියවසේදී මිනිසා යාවිදෝ වැළලි……… එදා ක්‍රියා කළේ ලොවේ [...]

බලන්නකො නියමයි.

Follow

Get every new post delivered to your Inbox.