ඉහළ ඉන්න අප පහළට ඇද ගන්නේ ගුරුත්වයයි
එය තරණය කළ මිනිසා පදිංචියට තරුත් සොයයි
නසා දමන්නේ එනමුත් මිනිස්කමේ ගරුත්වයයි
දේවදත්තලා බුදුන්ට සෙත් පතමින් පිරිත් කියයි………
දුර දක්නා නුවණක් නැති අලුත් ගැලිලියෝ ගැලිලි
සොයා ගෙනය සිදුරු කරන්නට ඕසෝනයේ පැළලි
නවතනු බැරි තරම්ය විය විකිරණ ගංවතුර ගැලිලි
විසි එක්වන සියවසේදී මිනිසා යාවිදෝ වැළලි………
එදා ක්‍රියා කළේ ලොවේ සෑම වස්තුවක්ම තුළය
නිසලව හෝ ඒකාකාරි චලිතය ගෙනා බලය
එය අතළොස්සක් අතේය ගන්නට බැරි තරම් මිළය
පාලකයින් බිලි අරනෙ අයිසැක් නිව්ටන් ගෙ මොළය………
සොබා දහම උරණ වෙලා දිනිසුරු ගිනි දැල් දේවී
ජලාශ සිඳිලා කුණු රොඩු හද පතුලේ පල් වේවී
විදුලි බලය ඇණ හිටිවී වැස්ස තවත් කල් යාවී
තෝමස් අල්වා එඩිසන් ලාම්පුවක් දල්වාවී………
රයිට් සොහොයුරෝ යානා විකුණා යන විටදී පයින්
මාරි කියුරි අම්බලමක නිදි “එෆ් එම්” ඇසෙන හෙයින්
අතිකාලය කපා දමාවිද සිතුවිලි වලට බයින්
”ලැබ්” එක තුළ අයිස් ගහනවා නවීන අයින්ස්ටයින්……….
”ඩයිනමයිට්” පසෙකට ලා “මිසයිල” තොග ඉල්ලලාය
සාම කතා අතරතුරම යුද ගිනිදැල් දල්වලාය
ගුණ යහපත්කමේ මුදුන් මුල් සිව් දෙස උගුල්ලාය
උනුන් නසන මං සොයන්නේ වර්තමාන නොබෙල්ලාය………
Filed under: අත්තර් ජාලය ඇසුරෙන්, කවි, පත්තර ඇසුරින් Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali











ගොඩක් සතුටුයි නංගී ඔයා වගෙ කෙනෙකුට මේවගෙ සිතුවිලි පහල වීම ගැන…
තවත් හොඳට කරගෙන යන්න………..මගෙන් සුභපැතුම්…………..