ඉරානය විසින් වඳුරෙකු අභ්‍යවකාශයට යැවීමට සැරසෙන බව වාර්තා වේ. පසුගිය වසරේදී මීයෙකු, ඉබ්බෙකු සහ පනුවන් අභ්‍යවකාශයට යැවීමෙන් කරනු ලැබූ පර්යේෂණ සාර්ථකවීමත් සමඟ ඉදිරියේදී මෙලෙස වඳුරෙකු අභ්‍යවකාශයට යැවීමට අදහස් කළ බව ඉරාන අභ්‍යවකාශ සංවිධානය පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා ඉරානයේ ප්‍රධාන පෙළේ අභ්‍යවකාශ නිලධාරියෙකු විසින් මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර තිබිණි. මෙම පර්යේෂණ සාර්ථක වුවහොත් ඉරානය පළමුවරට මිනිසෙකු අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේය. කවොෂ්ගාර්-5 (Kavoshgar-5) නැමැති රොකට්ටුව ආධාරයෙන් මෙම වඳුරු අභ්‍යවකාශගාමියා ගුවන් ගත කිරීමට නියමිත අතර එළඹෙන ජුලි 23 – අගෝස්තු 23 අතර කාලයේදී මෙම ගුවන් ගමන සිදුකිරීමට නියමිතය. ඒ සමඟින් මෙම විශේෂ අභ්‍යවකාශගාමියා පෘතුවියේ සිට කිලෝමීටර් 120ක් (සැතපුම් 74ක්) ඉහල අභ්‍යවකාශයට ගෙන යාමට බලාපොරොත්තු වේ.
මෙම ගමනේ සාර්ථකත්වයත් සමඟ ඉරාන අභ්‍යවකාශ වැඩපිළිවෙළ යටතේ මිනිසෙකු අභ්‍යවකාශගත කිරීම 2020 වසරට පෙර සිදුකිරීමටද ඉරාන බලධාරීන් බලාපොරොත්තු වේ.
පසුගිය පෙබරවාරියේදී ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ් විසින්ද මෙම අභ්‍යවකාශ ගමනට නියමිත ෂටලය පරීක්ෂාවට ලක්කරනු ලැබීය. එමෙන්ම එහිදී ඉරානය විසින් 2012 මාර්තු වනවිට ගුවන් ගත කිරීමට නියමිත එරට ඉංජිනේරුවන් විසින් නිපදවූ චන්ද්‍රිකා මූලාකෘති හතරක්ද පරීක්ෂාවට ලක්කරන ලදී.
ඉරානය සිය පළමු චන්ද්‍රිකාව 2009 වසරේදී ගුවන් ගත කළ අතර මේ දක්වා එරට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ වේගවත් දියුණුවක් අත්කරගෙන තිබේ. මෙයට පෙර අභ්‍යවකාශය ජයගැනීමට සෝවියට් දේශයට සහ ඇමරිකාවට එම ජයග්‍රහණය සඳහා වසර 50කට වැඩිකාලයක් වෙහෙසීමට සිදුවිය.
තමන් ජයගත අභ්‍යවකාශය තරණය කිරීමට වෙර දරන ඉරාන අභ්‍යවකාශ වැඩපිළිවෙල සම්බන්ධයෙන් බටහිර රටවල් පසුවන්නේ එතරම් හොඳ ආකල්පයකින් නොවේ. ඔවුන් පවසන්නේ ඉරානය සිය අභ්‍යවකාශ වැඩපිළිවෙලට මුවාවී සිය න්‍යෂ්ටික ආයුධ සංවර්ධනය කරන බවයි.
එමෙන්ම ඇතැම් සත්ව සුභසාධන සංවිධානද ඉරානයේ කකුලෙන් ඇදීමට සූදානම් වී ඇතැයි ඉරානය චෝදනා කරයි. මෙම සත්ත්ව සංවිධාන ඉරාන රජයට බලකරන්නේ සතුන් අභ්‍යවකාශ පර්යේෂණයන්ට යෙදවීම වහා නතර කරන ලෙසයි.
අභ්‍යවකාශය ජයගත් වඳුරන් අතර පළමුවැන්නා ලෙස සැළකෙන්නේ 1961 වසරේදී ඇමරිකාවේ LJ-2 යානයෙන් අභ්‍යවකාශයට ගිය සෑම් නැමැති රීසස් විශේෂයට අයත් වඳුරෙකි.
Filed under: අත්තර් ජාලය ඇසුරෙන්, අධ්‍යාපනික, පත්තර ඇසුරින් Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali











සෙල්ලං නෑ වදුරා උඩ යන්න කලින්ම බිම දායියිද දන්නෙ නෑ……..!