ලෝකය ගෝලයක් නොව අලයක්ලු.

17වැනි සියවසට පෙර ලෝකය ගෝලාකාර බව පැවසූවන් සිනහවට ලක්විය. අද ඔබ ලෝකය ගෝලාකාර නොවේ යැයි පැවසුව හොත් සිනහවට ලක්වීමට ඉඩ තිබේ. ‍එහෙත් හෙට දිනයේ ඔබ ලෝකය ගෝලාකාරයැයි පැවසුව හොත් ලෝකයා ඉදිරියේ අනිවාර්යයෙන්ම සිනහවට ලක්වීමට ඉඩ තිබේ.

මන්දයත් ලෝකය ගෝලාකාර නොවන බව පසුගියදා විද්‍යාඥයින් විසින් තහවුරු කොට ඇති බැවිනි. ඔවුන් පවසන පරිදි ලෝකය යෝධ අර්තාපල් අලයක හැඩය ගනී. පසුගිය මාර්තු 31 වැනිදා මියුනිච් නගරයේදී විද්‍යාඥයන් පිරිසක් විසින් මේ බව අනාවරණය කරන ලදී. පෘතුවියේ හැඩය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වූ සියලු අකෘතියන්ට වඩා සිය මතය නිවැරැදි බව ඔවුහූ පවසති. 

පෘතුවියේ ගුරුත්වාකර්ශනය සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඡායාරෑප ඇසුරෙන් කළ පරීක්ෂණවලින් ලැබුණු ප්‍රතිඵල මත මෙම නිගමනයට එළඹී තිබේ. මේ සමඟ ඇති ඡයාරෑපයෙන් දැක්වෙන්නේ ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබූ නව ආකෘතියයි. මෙහි කහපැහැයෙන් ගුරුත්වාකර්ශනය උපරිම ප්‍රදේශද නිල් පැහැයෙන් ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශද දක්වා තිබේ. (ඒ අනුව ශ්‍රී ලංකාව පිහිටන්නේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශයක බව ඔබට දිස්වනු ඇත.)

මුහුදු මට්ටම වෙනස්වීම්, සහ ස්වාභාවික ආපදා සම්බන්ධයෙන් මෙම නව ලෝක ගෝල සිතියම මඟින් අධ්‍යයනය කළ හැකි බවද මෙම පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙයි. මෙම සිතියම නිර්මාණය කර ඇත්තේ මියුනිච් නගරයේ පිහිටි භූමිතිය සහ තාරකා විද්‍යාව පිළිබඳ ආයතනයේ හිටපු මහාචාර්යවරයෙකු වන රෙයිනර් රනල් ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසිනි.

කෙසේ වුවද මෙම නව ආකෘතිය මඟින් අනාවරණය වන තොරතුරුවලින් ශ්‍රී ලංකාව අවට ප්‍රදේශය කෙරෙහිද වඩාත් අවධානයට ලක්විය හැකි බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු පැවසීය. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.