මිනිසාගේ පරිණාමය සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත් සිද්ධාන්තයන් වෙනස් කරවන ඇටසැකිලි කොටස් දෙකක් සම්බන්ධයෙන් නවතම මතයක් පළවී තිබේ.
වසර මිලියන 1.9ක් පැරණි මෙම පොසිල සම්බන්ධයෙන් පළමුවෙන් අනාවරණය කෙරුණේ 2010 වසරේදීය. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි මලපා නම් ප්‍රදේශයේ පිහිටි ගුහාවකින් මෙම පොසිල සාධක හමුවී තිබිණි.
මෙම පූර්වජ පොසිලයන්ගේ විශේෂත්වයන් හේතුවෙන් ඒවා ඔස්ට්‍රෙලෝපිතකස් සෙඩිබා (Australopithecus sediba) ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වන ලදී. ඒ සමඟින් මේ සම්බන්ධයෙන් ගැඹුරින් කරනු ලැබූ අධ්‍යයනයන්හිදී අනාවරණය වූයේ මෙම පොසිලයන් නූතන මානවයාගේ සෘජු පරිණාම පියවරයන්ට සමීප නොවන බවයි.
මේ බව අද (08 බ්‍රහස්පතින්දා) එක්සත් ජනපද විද්‍යා ජර්නලය මඟින් අනාවරණය කර තිබිණි. ‘දකුණු වානරයා’ හෙවත් ඔස්ට්‍රෙලොපිතකස් සෙඩිබා පිළිබඳව පර්යේෂණ පත්‍රිකා රැසක් ඒ තුළින් එළි දක්වා තිබේ.
ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රිංගර් මහතා මෙම මානව හිස්කබල් ඇසුරින් කරනු ලැබූ අධ්‍යයනයන්ගෙන් පසුව පැවසූවේ මෙම මානවයාද නූතන මිනිසාට බොහෝ සමානකම් පෙන්වන බවයි. මෙම මානව සැකිල්ලේ හිස්කබල, ශ්‍රෝණිමේඛලාව අත් සහ පාද ඇසුරෙන් කරනු ලැබූ මිනුම් ඇසුරෙන් විද්‍යාඥයින් පවසන්නේ මෙම මානව පූර්වජයා හෝමෝ ඉරෙක්ටස් නම් ආදි මානවයාට සමීප නෑකම් පෙන්වන බවයි. එමෙන්ම මෙම මානවයා දෙපයින් සිටගත් කළ මීටර 1.3ක උසකින් යුතු වන්නට ඇතැයිද ඔවුහූ පෙන්වා දෙති.
එමෙන්ම මෙම මානවයාගේ දෑත් මිනිසාට සමාන වන අයුරින් දිගු මහපට ඇඟිල්ලකින් සහ කෙටි ඇඟිළිවලින් යුක්ත වේ. මෙම සැකිල්ලේ ශ්‍රෝණි මේඛලාව මිනිසාට සමීප බවක් දිස්වුනද එය වඩාත් සමීප වන්නේ නියැන්ඩර්තාල් මානවයාට බවද විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. එමෙන්ම සෙඩිබා මානවයාගේ කපාල ධාරිතාව ඝන සෙන්ටිමීටර් 420ක් තරම් වන බවද විද්‍යාඥයින් විසින් ගණනය කර තිබේ. මෙම කපාල ධාරිතාව සහ හිස්කබලේ ඉදිරිපස අස්ථි පිහිටීම් අනුව මෙම මානවකල්ප වානරයා චිම්පන්සීන් වැනි වානර විශේෂයන්ට වඩා නූතන මිනිසාට සමානකම් දක්වන බව පෙන්වා දෙන විද්‍යාඥයින් වැඩිදුරටත් පවසන්නේ වානර විශේෂයන්ගෙන් මිනිසා වෙනස්කම් පෙන්වන සිනාවීම වැනි සන්නිවේදන හැකියාවන්ද මෙම මානවකල්ප වානරයා සතු වූ බවයි.
Filed under: අත්තර් ජාලය ඇසුරෙන්, අධ්‍යාපනික, පත්තර ඇසුරින් Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali











නියම ලිපියක් … ගොඩක් වැදගත් වෙනවා.